විශේෂ සමථකරණය යනු කුමක්ද?

විශේෂ සමථකරණය යනු නීතියේ සඳහන් පරිදි ඇතැම් විශේෂ වර්ගවල ආරවුල් සමථයකට පත් කිරීමයි. මෙම සමථකරණ ක්‍රියාවලිය ප්‍රජා සමථකරණයට වඩා සැකසුම සහ ක්‍රියාවලිය අතින් සුළු වශයෙන් වෙනස් වේ.

2003 අංක 21 දරණ සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) පනත යනු විශේෂ සමථකරණය, හෙවත්, විශේෂ වර්ගවල ආරවුල් සමථයකට පත් කිරීම සඳහා සමථ මණ්ඩල පිහිටුවීම වෙනුවෙන් සම්මත කළ පනතකි. මෙම විශේෂ කාණ්ඩ අධිකරණ අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලැබ, ගැසට් නියෝග වශයෙන් ප්‍රකාශයට කෙරේ.

සමාජීය හා ආර්ථික ප්‍රශ්නවලින් පැන නගින ආරවුල් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමේ අවශ්‍යතාවය, විශේෂ සමථකරණය සංකල්පයක් ලෙස හඳුනා ගැනීමට දායක විය. පෞද්ගලික පාර්ශ්ව සහ රජය අතර ඇති වන ආරවුල් විසඳීම සම්බන්ධයෙන් පවතින අපහසුතා මගහරවා ගැනීමටද මෙයින් අපේක්ෂා කරන ලදී.