සමථකරණ ක්‍රියාවලිය
1988 සමථ මණ්ඩල පනත සහ ඉන් අනතුරුව නීතිගත කරන ලද සංශෝධන මගින් ශ්‍රී ලංකාවේ සමථකරණය මගින් ආරවුල් නිරාකරණය කිරීමේ ක්‍රියාවලිය විස්තර කෙරේ.
පාර්ශ්ව අතර ආරවුලක් පහත ක්‍රම හතරෙන් එකකට අදාළව සමථ මණ්ඩලයට වෙත ඉදිරිපත් විය හැක:
- ආරවුලේ පාර්ශ්වකරුවන්ට ස්වේච්ඡාවෙන් අයදුම්පතක් මගින් තම ආරවුල සම්බන්ධයෙන් සමථ මණ්ඩලයකට යොමු කළ හැක.
- යම් වෙනස්කම් තිබුන ද, සාමාන්‍යයෙන්, රුපියල් 1,000,000 නොඉක්මවන දේපල, ණය, හානි හෝ මුදල් ඉල්ලීම් සම්බන්ධ සිවිල් ආරවුල් සමථකරණය සඳහා අනිවාර්යයෙන් යොමු කරනු ලැබේ. (විශේෂ සමථ මණ්ඩල සඳහා මෙම මුල්‍ය සීමාව වෙනස් විය හැකිය.)
- දේපල සම්බන්ධ වැරදි, පහරදීම්, අනවසරයෙන් ඇතුළුවීම් සහ අපහාස කිරීම් වැනි ඇතැම් සාපරාධී වැරදි, සමථකරණය සඳහා යොමු කිරීම අනිවාර්ය වේ.
- අධිකරණය වෙත යොමවූ ආරවුලක දෙපාර්ශ්වයම එකඟ වන්නේ නම් අධිකරණය මගින් එය සමථ මණ්ඩලයකට යොමු කළ හැකිය (අධිකරණයෙන් යොමු කරන ලද සමථකරණ).
සමථකරණය සඳහා ආරවුලක් යොමුවූ විට සමථ මූල මණ්ඩලය විසින් එම ආරවුල සමථකාරවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් සමථ මණ්ඩලයකට යොමු කරනු ලැබේ. එම මණ්ඩලයේ කාර්යභාරය වන්නේ සමථ ක්‍රියාවලියට පහසුකම් සැලසීම සහ ඔවුන්ගේ ගැටළුව සඳහා අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුම් සෙවීමට උපකාර කිරීම මගින් ප්‍රජාව තුළ සාමය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීමයි.
සාමාන්‍යයෙන් සමථකරණ සැසි 1ත් 4ත් අතර වාර ගණනකදී අතර ආරවුලක් සාර්ථකව සමථයකට පත් කළ හැකිය. සමථ මණ්ඩල බොහෝ විට පන්සල්, පාසල් හෝ ප්‍රජා ශාලා වැනි පොදු ස්ථානවල සති අන්තයේ රැස් වේ. සාමාන්‍යයෙන් විවෘත ස්ථානයක පැවැත්වුවද, ආරවුලේ ස්වභාවය අනුව පෞද්ගලිකත්වය අවශ්‍ය වන විට ඊට සුදුසු ස්ථානයක සමථකරණ සැසිය පැවැත්විය හැකිය. ආරවුලක පාර්ශවකරුවන් වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී සිටීමට අවසර නොලැබේ. පහත අවස්ථා දෙකෙහි දී පමණක් වෙනත් අයෙකුට පාර්ශවකරු නියෝජනය කළ හැකිය:
- තමන්ගේ කලත්‍රයා වෙනුවෙන් පෙනී සිටීම
- දරුවෙකු හෝ ආබාධ සහිත පුද්ගලයෙකු වෙනුවෙන් ඔහුගේ/ඇයගේ දෙමව්පියන් හෝ භාරකරු පෙනී සිටීම.
ආරවුලක් සාර්ථක ලෙස සමථයකට පත් කළ පසු නිරවුල් කිරීමේ සහතිකයක් නිකුත් කරනු ලබන අතර, සමථකරණය අසාර්ථක වුවහොත් නිරවුල් නොකිරීමේ සහතිකයක් නිකුත් කෙරේ. නිරවුල් නොකිරීමේ සහතිකයක් නඩු මගට යාමට වලංගු නීතිමය පදනමක් සපයයි. 1988 පනත අනුව යම් පාර්ශ්වයක් ඕනෑම අවස්ථාවක සමථකරණ විසඳුමට එකඟ නොවන්නේ නම් හෝ සමථකරණ විසඳුමේ නියමයන් උල්ලංඝනය කරයි නම් අනෙක් පාර්ශ්වය වහාම ඒ පිළිබඳව සමථ මණ්ඩලයට වාර්තා කළ යුතුය.

